සිහිනයකි නුඹ මට
අන්සතු වුවත් අවසරද පෙම් කරන්න නුඹටත් රහසේ
කිසි දිනේ කලේ නැ පුංචි බොරැවක් රවටන්නට බැ දැනුණ හිතක්
මට පෙනි හිටිය ඔබ නොවේ හිටියේ හැරයන්න හිතලා ලංවි
නැති ආදරයක් දිපු හිතක් 💔
පළමුවන සිහිනය 💕
"දුව කො නැගිටින්න "
"අනේ අම්මා නිදාගන්න දෙන්නකො තාම උදේ වුනේ නැනේ "
මා කිවේ නොරිස්සුමෙනි .මා ඇමෙරිකාවේ සිට පැමිණියේ ඊයේ රාත්‍රියේ ය. මා හට නිවසට පැමිණ පැය දෙකක්වත් ගමන් මහන්සිය නිවාගන්නට නොදුන්නේ අම්මා පැමිණ මා අවදිකිරිමෙනි .
"හරි ශොක් දැන් හැදෙන ළමයි අර ළමයත් ඇවිත් තාම ඔයා නිදි "
"මොන ළමයද අම්මා "
"අනේ ළමයෝ අද යාලුවගේ වෙඩින් එක "
"ඉතින් "
"ඉතින් කියන්නේ ඒ ළමයා ඇවිත් තියෙන්නේ ඔයා එක්ක සැලුන් එකට යන්න"
"එත් ඇයි මම එක්ක "
"ඇයි කියන්නේ ඔයාගේ යාලුවනේ ගිහින් ලෑස්ති වෙලා එන්න ඉක්මනට "
"ආ එකද මම මොකටද එයා එක්ක යන්නේ යාලුවා වුන පලියට මම නෙවෙයිනේ එයාගේ මනමාලි "
"ඔයාගේ කලවයසත් හරි තමා එක යාලුවගේ වෙඩින් එකෙන් පස්සේ බලමු "
"මේ අම්මා විකාර කියවන්න එපා පිස්සුද "
"හරි එක වැඩක් නැ ඉක්මනට නැගිටින්න අර ළමයට පරක්කු වෙනෝ "
"අනේ මොන වදයක්ද අම්මා පාඩුවේ ඉන්න දෙන්න ඔයාලට පිස්සුද මට වද දෙන්නේ කවුරුත් එකයි ඔයාලට මාව කවදාවත් තෙරැම් ගන්න බැ "
මා තරහින් මෙන් කිව්වේ මාගේ හිතේ ඇති වේදනාව මාගේ අම්මට පවා නොතේරෙන්නේ ඇයිදැයි කළකිරිමකිනි .
...........................................
"අපිට නෙවෙයි පිස්සු ආන්ටි හැබැයි මෙයා නිසා අපිට පිස්සු හැදෙයි වගෙ "
"ආ පුතා ආවද කොහෙද මෙයා එක්ක බැනේ අඩගහන් එන්න මම බොන්න මොනාහරි හදන් එන්නම් "
"හරි ඇන්ටි "
ඒ පැමිණියේ මාගේ හොදම යහළුවා ,මා සිත පුරා සැරිසරන සිහින කුමරු ඔහුයි අද දින පෙම්වතිය සමග යුග දිවියට පිවිසෙන්නේ
මා ඔහුගේ පතිනිය වුවා නම් 🥺
"ඒයි මැට්ටි නැගිටින්නකෝ පරක්කු වෙනො මම සැලුන් යන්නෙත් නැතුව ආවේ "
"ඉතින් අනේ යන්නකො සැලුන් මට වද දෙන්නෙ "
"උබ එක්කන් යන්න ආවේ බන් උබ දන්නොනේ මට උබ නැතුව බැ කියලා "
"හරි එන්නම් නිදහසේ නිදාගන්නත් නැ මට මහන්සි බන් ඊයේ රෑනේ ආවේ "
"හරි බන් අද විතරනේ මම උබට මෙහෙම වදදෙන්නේ "
"ඒ මොකො අදට විතරක් "
"ඇයි බන් අමතකද ඊටපස්සේ හැමදෙම වයිෆ්ගේ අතින් තමා "
මා සිතට පහර ගැසුවාක් මෙන් ඒ වදන් ඔහුගෙන් පිටවද්දි මා සිත රිදුණා කිවොත් නිවැරදි .
"හරි බන් මම එන්නම් විනාඩි 15 ක් දෙන්න "
"එකනේ මම උබට කැමති "
"කො එහාට වෙන්න බටර් ගාන්නේ මම ලෑස්ති වෙලා එන්නම් "
"තැන්ක්ස් බන් "කියමින් ඔහු මා වැළදගත්තේ රිදුම් දෙන සිත තවත් රිදුම් දෙන ලෙසිනි.
